Seo In Guk "Dark Boss" කෙනෙක් වෙලා එන අලුත් Drama එක - See You at Work Tomorrow!

Seo In Guk "Dark Boss" කෙනෙක් වෙලා එන අලුත් Drama එක - See You at Work Tomorrow!

මොකද්ද Drama එක:
tvN එකේ අලුත් office romance drama එකක් See You at Work Tomorrow! 내일도 출근!. මේක ජනප්‍රිය webtoon එකකින් adapt කරපු එකක්. 2026 ජූනි 22 වෙනිදා රෑ 8:50 KST වලට premiere වෙනවා මේක.

Seo In Gukගේ චරිතය - Kang Si Woo:
  • Seo In Guk රඟපාන්නේ Cha Ji Yoonගේ direct boss වෙන Kang Si Woo ට.
  • Nickname: “3 No Man” - හිනා නෑ, මිනිස්සු නෑ, sorry කියන්නෙත් නෑ කියන cold, ප්‍රතිපත්තිගරුක boss කෙනෙක්.
  • Stoic + Prickly - හැමවෙලේම expressionless, දුරස්ව ඉන්න type එකේ. හැබැයි ඇතුළෙන් මනුස්සකමක් තියෙන කෙනෙක්.
  • Twist එක: අනිත් හැමෝටම සීතල උනාට Cha Ji Yoon ඉස්සරහ විතරක් හිනා වෙනවා. Teaser එකේ කෙලින්ම කියනවා “I like you, Cha Ji Yoon” කියලා. 😁😁😁😁


Park Ji Hyunගේ චරිතය - Cha Ji Yoon:
  • Park Ji Hyun ඉන්නේ අවුරුදු 7ක් company එකේ වැඩ කරලා career slump එකක හිරවෙලා ඉන්න Cha Ji Yoon චරිතෙට. Sharp වැඩකාරියක් උනාට වැඩයි ආදරෙයි දෙකෙන්ම burnout වෙලා ඉන්නේ. “Worst එක” මගාරින්න “lesser evil” වෙන prickly boss Si Wooව choose කරනවා, අන්තිමට දෙන්නම එකිනෙකාට love වෙනවා.
Teaser එකේ vibe එක:

සීන් එක මෙහෙමයි ගායිස්, Cha Ji Yoon කියනවා “Work is hard. It gives you a headache, and people are difficult” කියලා resignation letter එකක් ලියන්න හදනවා. එතකොටම Si Woo ඇවිත් “What are you doing tomorrow?” අහනවා. Si Wooගේ unexpected හිනාවයි confession එකයි නිසා Ji Yoonගේ හිත flutter වෙනවා. අන්තිමට Ji Yoon කියනවා “However, the reason I’m still going to work tomorrow is… because a new kind of excitement has begun” කියලා.

Poster එක:

දෙන්නා bus එකක ලඟින් වාඩිවෙලා ඉන්න warm sunlight එක්ක poster එකක් release කළා. Caption එක: “To find new excitement even in repetitive daily life”. Repetitive commute එක මැද හැදෙන emotions ගැන කතාවක්.

Cast එක:

  • Kang Mina - Yoon No Ah, Choi Kyung Hoon - band vocalist Jo Ga Eul, Won Gyu Bin - college student Lee Jae In විදියට ඉන්නවා. Script reading එකට Seo In Guk, Park Ji Hyun ඇතුළු ඔක්කොම ආවා.


Bonus Fact:
Seo In Gukව මේකට cast කළාම fans ලා “Romance King” කියලා ආයෙත් hype කළා. Reply 1997, High School King of Savvy, The Smile Has Left Your Eyes වලට පස්සේ ආයෙත් office romance එකක්.

කෙටියෙන්ම, “හිනා නොවෙන boss කෙනෙක් හිනා වෙන්නේ එයාට විතරයි” type කතාවක්. Burnout වෙලා ඉන්න අයට relatable වෙයි මේක. 😇



Post a Comment

0 Comments