PerfectCrown සීන් එක නං දැන් හොඳටම ගිනි අරගෙන


MBC එකේ අලුත්ම කොරියන් ඩ්‍රාමා එක #PerfectCrown දැන් "Perfect" නෙමෙයි, "Perfect කරදරයක්" වෙලා. ජාතික සභාවට දාපු මහජන පෙත්සම මැයි 26 වෙනකොට අත්සන් 50,000 ගාණ පැනලා 100% ටාගට් එකත් සම්පූර්ණ කරලා. දැන් ඉතින් මේක අදාළ ස්ථාවර කමිටුවට යනවා. MBC එකට කිරුළත් නැතිවෙයිද දන්නෑ!

මොකක්ද මේ කේස් එක?

කතාව ෆික්ෂනල් කොරියා ජනරජයක උනාට, ඩ්‍රාමා ටීම් එක "ඉතිහාසේ Google කරන්නේ නැතුව" ෂූට් කරලා වගේ. Grand Prince Yi An චරිතේ කරන Byeon Woo-seok දාගෙන ඉන්නෙ "9-පැති කිරුළක්". ප්‍රශ්නෙ මොකක්ද? ඒක ස්වාධීන අධිරාජයෙක් නෙමෙයි, යටත් රාජ්‍යයක කෙනෙක් දාන එකක්ලු. ස්වාධීන අධිරාජයෙක් නම් දාන්න ඕන "10-පැති කිරුළ". අම්මෝ කිරුළක පැත්තක් අඩු වුනාට රටම කැලඹිලා.

ඒ මදිවට "Manse" කියන්න තියන තැන "Cheonse", "Cheoncheonse" කියලා. ඒවත් යටත් රාජ්‍ය වලට කියන වචනලු. ඉතින් මිනිස්සු කියනවා "මේක කොරියන් ඉතිහාසෙට නෙමෙයි, කෙලින්ම චීනෙ Northeast Project එකට උඩගෙඩි දෙන වැඩක්" කියලා. පෙත්සම්කාරයෝ කියන්නේ ඇඳුම්, සිරිත් විරිත්, වචන ඔක්කොම චීන ස්ටයිල් එකට අරන් තියෙන්නේ, මේක සංස්කෘතික හොරකමක් + ඉතිහාස විකෘතියක් කියලා.

MBC එකේ "Edit කරමු" ප්ලෑන් එකත් චාටර් වුනා 😥
OTT වලින් ලෝකෙම බලන නිසා සීන් ටික පස්සෙ එඩිට් කරන්නම් කිව්වලු. මිනිස්සු කියනවා "කිරි ඉතිරිලා ඉවර වෙලා හැන්දෙන් වහන්න හදනවා වගේ වැඩක්" කියලා. පරක්කුයි, මදියිලු.

සමාව ඉල්ලීම් පෝලිම 
  • අධ්‍යක්ෂක Park Joon-hwa, රචක Yoo Ji-won, IU, Byeon Woo-seok ඔක්කොම නිල වශයෙන් සමාව ඉල්ලුවා. හැබැයි MBC එක? දවස් දෙකක් තිස්සේ කට වහන් ඉන්නවා. සද්ද නෑ.
 

Netizens ලාට මතක් වුනා පරණ කේස් එකක්

2021 දි SBS එකේ Joseon Exorcist එකටත් Northeast Project චෝදනා ඇවිත් ඒක cancel කරනකොට MBC එක හොඳටම බැන්නාලු. "ඉතිහාස විකෘති කරනවා" කියලා ලොකු සද්දයක් දැම්මලු. දැන් තමන්ගෙ එකට සද්ද නැති හින්දා මිනිස්සු අහනවා "අනේ ඔයාලගෙ දෙබිඩි වැඩේට කිරුළක් දෙමුද?" කියලා. X එකේ, Threads එකේ මේක නං හොඳටම ට්‍රෙන්ඩ් වෙනවා.

ඉස්සරහට මොකද වෙන්නේ?

පෙත්සම 50,000 පැන්න නිසා දැන් ස්ථාවර කමිටුවට යනවා. එතනින් MBC එකටයි විකාශන බලධාරීන්ටයි මොනවා කරයිද කියලා තමයි හැමෝම බලන් ඉන්නේ. ඩ්‍රාමා එකේ කිරුළ ගලවයිද, නැත්නම් කතාව එඩිට් කරලා "Perfect Patch Update" එකක් දෙයිද බලමු.

කොහොමත් මේ යන විදියට #PerfectCrown එක #PerfectControversy වෙලා ඉවරයි. 🍿