Perfect crown එකේ නිළි IUව ඉලක්ක කරපු "පිස්සු" Conspiracy Theory එක

Perfect crown එකේ නිළි IUව ඉලක්ක කරපු "පිස්සු" Conspiracy Theory එක


Netflix එකේ When Life Gives You Tangerines වලින් ආයෙත් හිට් උන IU ව, Sulli, Goo Hara සහ Kim Sae Ron ගේ මරණ වලට සම්බන්ධයි කියලා අන්තර්ජාලේ පිස්සු කතා ටිකක් යනවා. 

Theory එක පටන් ගත්තේ කොහොමද:
    1. 'Real' ෆිල්ම් Controversy එක
    Kim Soo Hyun ගේ 2017 ෆිල්ම් එක 'Real' එකේ Sulliට තිබ්බ intimate scenes ගැන Sulliගේ අයියා Choi Dae Hee ආයෙත් කතා කළා. එයා කියනවා IU තමයි මුලින් 'Real' එකේ main role එක reject කරලා script එක Sulliට දුන්නේ කියලා. ඒකෙන් Sulliගේ මානසික තත්ත්වය නරක් උනා කියලා චෝදනා කරනවා. 

    2. මනෝ වෛද්‍යවරයාගේ කතාව
    Sulliගේ අයියා කියනවා IU තමයි Sulliව, Goo Haraව සහ Kim Sae Ronව "ප්‍රශ්නකාරී" psychiatrist කෙනෙක්ට යොමු කළේ කියලා. මේ තුන්දෙනාම දැන් ජීවතුන් අතර නැති නිසා netizens ලා IUගේ සම්බන්ධය ගැන සැක කරනවා. 

    3. Korean Forums වල මඩ Post
    Pannchoa වගේ forum වල IU ගැන තවත් බරපතල මඩ ගහලා තිබ්බා. IU plagiarism case එකකදි පැමිණිලිකාරයාව kidnap කරන්න gangsters ලා hire කළා, wiretapping කළා, Chinese spy කෙනෙක් කියලා මේවා දාලා තිබ්බා. Lee Sun-kyun, Sulli, Goo Hara මැරුණෙත් IU වටේ හිටපු අය කියලා කියනවා. හැබැයි ගොඩක් අය කියන්නේ මේවා "schizophrenic meltdown" වගේ පිස්සු කතා කියලා. 

ඇයි IUව Target කළේ:
IUයි Kim Soo Hyunයි 2011 Dream High එකේ ඉඳන් අවුරුදු 14ක් යාලුවෝ. Kim Soo Hyunට Kim Sae Ron එක්ක තිබ්බ scandal එක යන වෙලාවේ IU නිහඬව හිටපු නිසා මිනිස්සු ප්‍රශ්න කළා. ඒ වගේම Kim Soo Hyun 2024 IUගේ concert එකටත් ඇවිත් හිටියා.

Fans ලා කියන්නේ මොකද:
Fans ලා කියන්නේ IU කවදාවත් යාලුවෙක්ව අනතුරේ දාන්නේ නෑ කියලා. Sulliගේ අයියාම කලින් කියලා තියෙනවා IU තමයි Sulliට emotionally සහ artistically support කරපු කීප දෙනාගෙන් කෙනෙක් කියලා. 

මේ ඔක්කොම තාම ඔප්පු නොකරපු conspiracy theories. IUගේ agency Edam Entertainment එකෙන් මේ ගැන transparency ඉල්ලලා netizens ලා ඉල්ලීම් කරනවා. ගොඩක් අය විශ්වාස කරන්නේ Kim Soo Hyunගේ scandal එක වහන්න IUව පාවිච්චි කරනවා කියලා. 


මේක K-pop වල තියෙන cyberbullying සංස්කෘතියේ තව එක උදාහරණයක්. Sulli 2019 දී, Goo Hara 2019 දී, Kim Sae Ron 2025 මාර්තු වලදී ජීවිතේ නැති කරගත්තා.

Post a Comment

0 Comments