“Perfect Crown” Drama එකේ මතභේදය උග්‍ර වෙයි – කොරියානුවන් දැන් සම්පූර්ණයෙන්ම Drama එක ඉවත් කරන්න පෙත්සමක් ගහලා.
1. මොකක්ද වුණේ?
MBC එකේ IU සහ Byeon Woo-seok රඟපාන Perfect Crown කතාමාලාව මැයි 16 අවසන් වුණාට පස්සෙත් ලොකු ප්‍රශ්නයක් වෙලා. 11 වෙනි එපියේ තිබුණු "රාජාභිෂේක" සීන් එක නිසා කොරියානු ඉතිහාසය විකෘති කරනවා කියලා චෝදනා ආවා.
වැරදි මොනවද?
- Grand Prince I-an රජ වෙන සීන් එකේ එයා නව-දම් Myanguan එකක් දාගෙන හිටියා. ඒක චීනෙට යටත් රාජ්‍යයක රජෙක් දාන එක. ස්වාධීන රටක අධිරාජයෙක් දාන්න ඕන Twelve-Rank Crown එක.
- රාජ සභිකයො "Manse" කියනවා වෙනුවට "Cheonse" කියලා කෑගැහුවා. "Cheonse" කියන්නෙත් යටත් රාජ්‍යයකට කියන වචනයක්.
- මේ නිසා "කොරියාව චීනයේ යටත් රාජ්‍යයක් වගේ පෙන්නුවා" කියලා මිනිස්සු තරහ ගියා. China එකේ "Northeast Project" එකට උදව්වක් වෙනවා කියලත් චෝදනා ආවා.
2. MBC එකයි නළුවොයි මොකද කළේ?
- MBC එක මුලින්ම "Cheonse" සද්දෙ mute කරලා, subtitles "Manse" කියලා හැදුවා.
- ඒත් කේස් එක වැඩි වුණ නිසා දැන් මුළු රාජාභිෂේක සීන් එකම VOD, OTT, TV reruns වලින් අයින් කරනවා. හැබැයි platforms ගොඩක් තියෙන නිසා දවස් කීපයක් යයිලු ඉවර වෙන්න.
- IU, Byeon Woo-seok දෙන්නම අතින් ලියපු සමාව ඉල්ලීම් දැම්මා. Director Park Joon-hwa අඬ අඬා වගකීම බාර ගත්තා.
- The Hyundai Seoul එකේ තිබුණු pop-up store එකත් දවස් 3ක් කලින් වහලා දැම්මා.
3. පෙත්සමෙන් ඉල්ලන්නෙ මොකක්ද?
මැයි 22 වෙනිදා National Assembly Electronic Petition site එකට පෙත්සමක් දැම්මා. ඒකෙ තියෙන්නෙ:
- මේක fictional "ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක්" ගැන වුණාට, චීන ඇඳුම්, සිරිත්, වචන අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා සංස්කෘතික සොරකමක් + ඉතිහාස විකෘතියක් කරලා තියෙනවා.
- Scene edit කරාට මදි. OTT, VOD platforms වලින් Perfect Crown සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕන.
- ආයෙත් මෙහෙම වෙන්නෙ නැති වෙන්න නීති හදන්න ඕන කියලත් ඉල්ලනවා.
දවස් 30ක් ඇතුළත 50,000ක් sign කළොත් පෙත්සම National Assembly එකේ අදාළ කමිටුවට යනවා. Times Now එකට අනුව දැනටම 15,000කට කිට්ටු signatures ඇවිත්.
4. තවත් අවුලක් - සල්ලි
Drama එකට Korea Creative Content Agency (KOCCA) එකෙන් වොන් බිලියන 2ක විතර රජයේ සල්ලි හම්බවෙලා තියෙනවා. "බදු සල්ලි වලින් හදපු එකේ මෙහෙම නොසැලකිලිමත් වෙන්න බෑ" කියලා මිනිස්සු තවත් තරහෙන්.
සරලවම Drama එක ඉවර වුණාට කේස් එක ඉවර නෑ. සීන් එක කපලා, සමාව ඉල්ලලත් මදි කියලා කොරියන් ෆෑන්ස්ලා කියනවා. දැන් ඉල්ලන්නෙ "Perfect Crown" එක සම්පූර්ණයෙන්ම අන්තර්ජාලෙන් ගලවන්න කියලා.
0 Comments